• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු පළාත් සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කිරීම
- දක්ෂිණ කලාපීය ආර්ථික සම්පත් තිරසර ලෙස උප‍යෝගී කරගනිමින් එම කලාපයේ ජනජීවිතය නඟා සිටුවීම, කලාපීය සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම, නව සේවා හා ආයෝජන ඇති කිරීම, පවතින සේවා මධ්‍යස්ථාන හා කර්මාන්ත වැඩි දියුණු කිරීම මඟින් ප්‍රදේශයේ රැකියා අවස්ථා ඇති කර ලීම හා ආර්ථික වර්ධනය ඉහළ නැංවීම දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යභාරය වේ. මෙම කාර්යභාරය කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස දකුණු පළාත් සංවර්ධන මණ්ඩලය පිහිටුවීමටත්, ගාල්ල, මාතර, හම්බන්තොට හා මොනරාගල යන දිස්ත්‍රික්කද රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය බල ප්‍රදේශද මෙම මණ්ඩලයේ කටයුතුවලට අදාළ ප්‍රදේශ වශයෙන් නිර්ණය කිරීම සඳහාත්, එම කාර්යය සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදනය කිරීම පිණිසත් දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.