• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු වැවිලි අංශයේ නව නිවාස ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතිය
- මෙම ව්‍යාපෘතිය යටතේ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය විසින් වැවිලි මානව සංවර්ධන භාරය මඟින් ලබා දෙන ණය හා ප්‍රදාන උපයෝගී කර ගෙන වතු ආශ්‍රිත ප්‍රජාව අතුරින් හඳුනාගත් පවුල් සඳහා එක් එක් පවුලට නිවාසයක් බැගින් හිමි වන පරිදි නව නිවාස 1,877ක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. දැනට නිවාස 1,260ක වැඩ නිමකර භාරදී ඇති අතර, තවත් නිවාස 617ක වැඩ නිම කළ යුතුව තිබේ. පර්චස් 7ක ඉඩමක නිදන කාමර 02ක්, සාලයක්, ඉස්තෝප්පුවක්, කුස්සියක් හා යාබදව වැසිකිළියක්ද සහිතව ඉදි‍ කෙරෙන මෙම නිවාසයක් වර්ග අඩි 550කින් යුක්ත‍ වේ. දැනට මෙම නිවසක් සඳහා වෙන් කරනු ලබන මුදල් ප්‍රමාණය රුපියල් 515,000/-ක් වන අතර, ඉන් රුපියල් 240,000/-ක් ආපසු අය නොකරන ප්‍රදානයක් වශයෙන්ද ඉතිරි රුපියල් 275,000/- ණය මුදලක් වශයෙන්ද ලබා දෙයි. එම මුදල රුපියල් 650,000/-ක් වශයෙන් සංශෝධනය කිරීමටත්, ප්‍රදානයක් වශයෙන් ලබාදෙන මුදල රුපියල් 310,000/-ක් වශයෙන් හා ණය මුදල රුපියල් 340,000/-ක් වශයෙන් වැඩි කිරීම සඳහාත් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.