• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු අවලංගු කිරීමේ (විශේෂ විධිවිධාන) පනත
- තෑගි ඔප්පුවක් අධිකරණ තීන්දුවක් ලබාගැනීමකින් තොරව අවලංගු කිරීමට තෑගි දීමනාකරුවකුට හැකි බවට දිසා අධිකරණය විසින් ලබා දී තිබූ තීන්දුවක් අභියාචනාධිකරණය විසින්ද ස්ථිර කර තිබීම හේතුවෙන් තෑගි ඔප්පු ඒකපාර්ශ්විකව අවලංගු කිරීම‍ට තෑගි දීමනාකරුවන් කටයුතු කිරීම හේතුවෙන් ඇතැම් තෑගි ලැබුම්කරුවන්ගේ හිමිකම් සම්බන්ධයෙන් ගැටලු පැන නැඟී ඇත. තෑගි ඔප්පු මඟින් හිමි වී ඇති දේපළ ඇප සුරැකුම් වශයෙන් තබාගෙන ණය දෙන ආයතනද මේ හේතුවෙන් අපහසුතාවන්ට පත්ව ඇත. ඒ අනුව, මේ සම්බන්ධයෙන් නීති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පරිදි, නිසි බලය ඇති අධිකරණයක් විසින් කරන නියෝගයක් මත පමණක්, තෑගි ඔප්පු අවලංගු කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.