• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අකුරැස්ස බස් නැවතුම්පළ පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම
- අකුරැස්ස නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 13ක පමණ ඉඩම් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කර ගෙන ඇත. එකී සංවර්ධන සැලැස්ම අනුව වර්තමානයේ බස් නැවතුම්පොළ පිහිටි ඉඩමින් එය ඉවත් කොට අලුතින් අත්පත් කරගත් ඉඩමේ කොටසක ස්ථාපිත කිරීමට යෝජිතය. ඒ අනුව, වර්තමාන බස් නැවතුම්පොළ පිහිටි ඉඩම් කොටස වාණිජ කටයුතු සඳහා යොදා ගැනීමට හැකි වනු පිණිස එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිදහස් දීමනාවක් වශයෙන් පවරා ගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.