• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාලගුණ වෙනස්වීම් පිළිබඳව වඩාත් නිරවද්‍ය පුරෝකථනයන් සිදු කිරීමට හැකි වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ධාරිතාව නංවා ලීමේ ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකාවේ ස්වාභාවික විපත්වලින් 90%කට වැඩි ප්‍රමාණයක් කාලගුණය ආශ්‍රිත ඒවා වන අතර, සෑම වසරකම දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ගංවතුර, නියඟය, අකුණු හා දැඩි සුළං මඟින් විපත් සිදු වේ. එබැවින්, නිවැරදි කාලගුණ හා පූර්ව අනතුරු හැඟවීමේ සේවා ලබා දීමට හැකි වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ධාරිතාව නංවා ලීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, 'නිරන්තරයෙන් සිදුවන කාලගුණ උපද්‍රවයන්හි බලපෑම අවම කිරීම පිණිස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි පළ කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම' සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.