• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'පොළොන්නරුව උදාව' සංවර්ධන ව්‍යාපෘතිය
- "පොළොන්නරුව උදාව" සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව හා ඊට ආසන්නව පිහිටා ඇති අ‍නිකුත් ප්‍රධාන නගර යා කරමින් ප්‍රවාහන පහසුකම් සංවර්ධනය කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන ඇත. දැනට පෙළොන්නරුව දිස්ත්‍රික්කය හරහා ගමන් කෙරෙන දුම්රිය තිබුණද දීර්ඝ කාලයක් ගතවීම හා ප්‍රමාණවත් දුම්රිය ධාවනයක් සිදු නොවීම ආදී හේතු නිසා දුම්රිය මහජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව නැත. ඒ අනුව, මහව සිට මඩකලපුව දක්වාද, ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වාද වන දුම්රිය මාර්ග පද්ධතිය පුනරුත්ථාපනය කිරීම සඳහා සහ මහජනතාවට අත්‍යවශ්‍ය පහසුකම් සැලසෙන පරිදි දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීම සඳහා සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.