• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සත් කිරීම
- ශ්‍රී ලංකා රජය සහ තායිලන්ත රජය අතර වන ද්විපාර්ශ්වික තාක්ෂණික සහයෝගිතාව ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. තායිලන්ත ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා සංවර්ධන ආයතනය (Thailand Internationl Devolopment Cooperation Agency - TICA) විසින් කෘෂිකර්මය, ආහාර තාක්ෂණය (Food Technology), ග්‍රාමීය සංවර්ධනය හා ස්වයංපෝෂිත ආර්ථිකය, සංචාරක කළමනාකරණය හා රාජ්‍යතාන්ත්‍රික පුහුණුව යන ක්ෂේත්‍රවලට අදාළ ශිෂ්‍යත්ව සහ පුහුණු වැඩසටහන් 2015 ‑ 2019 යන කාලය තුළ ශ්‍රී ලංකාව වෙත ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් පස් අවුරුදු සංවර්ධන සහයෝගිතා වැඩසටහනක් පිළියෙල කර ඇත. ඒ අනුව, දෙරට අතර තාක්ෂණික සහයෝගිතා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා තායිලන්ත රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.