• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන හෝ ආනයනය කරනු ලබන සියලුම මැත්පැන් බෝතල් සඳහා නව ආරක්ෂිත ලේබලයක් (ස්ටිකරයක්) හඳුන්වා දීම
- රජය විසින් මැත්පැන් මත ඉතා විශාල ප්‍රමාණයෙන් බදු අය කරන බැවින්, බදු ගෙවීම මඟ හරිමින් නීතිවිරෝධී ලෙස කලවම් කර අසුරන ලද මත්පැන් වෙළඳපොළට ඒම සිදු වේ. මෙම තත්ත්වය යටතේ පාරිභෝගිකයෝ බොහෝ දෙනෙක් වඩාත් අහිතකර මත්පැන් වෙත යොමු වෙති. එමෙන්ම බදු ගෙවා නිපදවු මත්පැන්වල මිල අධික බැවින් ඒ වෙනුවට නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මත්පැන් ආදේශ වීම නිසා එය රජයේ ආදායමටද අහිතකර ලෙස බලපා ඇත. එබැවින් ව්‍යාජ නිෂ්පාදන වෙළඳපොළ වෙත ඒම වැළැක්වීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නීත්‍යනුකූලව නිපදවනු ලබන සෑම මත්පැන් බෝතලයකටම ආරක්ෂිත ලේබලයක් (ස්ටිකරයක්) ඇලවීම සඳහා වැඩපිළිවෙළක් යෙදීමටත්, වෙළඳපොළට නිකුත් කිරීමට පෙර ආනයනික මත්පැන් සඳහා රේගුව තුළදීම ආරක්ෂිත ලේබල් අලවා සහතික කිරීම නීත්‍යනුකූල අවශ්‍යතාවක් බවට මත්පැන් ආනයනකරුවන් දැනුවත් කිරීම සඳහාත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.