• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජර්මානු ෆෙඩරල් ජනරජය වෙතින් යුරෝ මිලියන 7ක ශිල්පීය සහයෝගිතා ප්‍රදාන (Technical Cooperation Grant) ලබාගැනීම
- විල්පත්තු ජාතික උද්‍යානය සහ ඒ වටා ඇති ස්වාරක්ෂිත කලාප (Buffer Zone) කළමනාකරණ ව්‍යාපෘතිය, සමාජ ඒකාබද්ධතාව සඳහා වූ අධ්‍යාපන ව්‍යාපෘතිය සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය යන ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කිරීම පිණිස යුරෝ මිලියන 7ක ශිල්පීය සහයෝගිතා ප්‍රදාන ලබා දීමට ‍ජර්මානු ‍ෙෆඩරල් ජනරජය විසින් එකඟ වී ඇති අතර, ඒ සඳහා දෙරට අතර හුවමාරු පත්‍ර අත්සන් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.