• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික ගණකාධිකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (HNDA) වාණිජ විද්‍යා උපාධි පාඨමාලවට විකල්ප සුදුසුකමක් ලෙස සැලකීම
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික ගණකාධිකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව වාණිජ විද්‍යා උපාධි පාඨමාලවට විකල්ප සුදුසුකමක් ලෙස සලකමින් 1990 වසරේ නිකුත් කර තිබූ අංක 46/90 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය පසුගිය වර්ෂයේදී නිකුත් කරන ලද අංක 10/2014 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මඟින් අහෝසි කිරීම හේතුවෙන් එකී පාඨමාලාව හැදෑරූ ශිෂ්‍යයින්ට රාජ්‍ය අංශයේ රැකියා සඳහා ඉල්ලුම් කිරීමේදී බලවත් ගැටලුවකට මුහුණු දීමට සිදුව ඇත. මෙම පූර්වාදර්ශය මත පෞද්ගලික අංශයේ රැකියා සඳහාද එකී ඩිප්ලෝමාධාරීන්ට ඇති ඉල්ලුම අඩු වීමෙන් එකී පාඨමාලාව හදාරන ලබන ශිෂ්‍යයින් තුළ නොසන්සුන්තාවක් හට ගෙන ඇත.

අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන 142,000 ක් පමණ වූ ශිෂ්‍ය සංඛ්‍යාව අතුරින් 23,500 ක් පමණ වූ ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වාර්ෂිකව ඇතුළත් කර ගනු ලබන බැවින් ඉතා උසස් ‍ප්‍රතිඵල ලබා ඇතත් විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන වාණිජ විෂය ධාරාව හැදැරූ විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ඔවුන්ගේ ආර්ථික පසුබිම අනුව ඉහත පාඨමාලාව හැදෑරීම සඳහා වාර්ෂිකව යොමු වේ. ඒ පිළිබඳ සලකා 2014‑04‑23 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ගණකාධිකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව වාණිජ විද්‍යා උපාධි පාඨමාලාවට විකල්ප සුදුසුකමක් ලෙස සලකමින් නිකුත් කර තිබූ අංක 46/90 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නැවත බලාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.