• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - කප්පල්තුරේ ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ කෙරවලපිටිය, ත්‍රිකුණාමලය, කටුනායක ග්‍රිඩ් උපපොළවල් වැඩිදියුණු කිරීම
- හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ කප්පල්තුරේ ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ කෙරවලපිටිය, ත්‍රිකුණාමලය, කටුනායක ග්‍රිඩ් උපපොළවල් වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.