• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - කළුතර, කැස්බෑව, පැරණි අනුරාධපුර ග්‍රිඩ් උපපොළවල් ඉදි කිරීම සහ නව අනුරාධපුර ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
- හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ කළුතර, කැස්බෑව, පැරණි අනුරාධපුර ග්‍රිඩ් උපපොළවල් ඉදි කිරීම සහ නව අනුරාධපුර ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අවම ලංසුව ඉදිරිපත් කළ ලංසුකරු වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.