• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිය, පේරාදෙණිය විශ්වවිද්‍යාල වල සහ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඉදි කරනු ලබන ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවල නිර්දේශ පරිදි, පහත සඳහන් කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(i) වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය සංවර්ධනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව - රුපියල් මිලියන 1,412.4කි.

(ii) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ නව උපාධි පාඨමාලා හඳුන්වා දීම පිණිස කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ කාර්මික කළමනාකරණ අධ්‍යයනාංශය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව - රුපියල් මිලියන 430.1කි.

(iii) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය සංවර්ධනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව - රුපියල් මිලියන 342.3කි.