• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය රජයේ ඉඩම්වල පවත්වා ගෙන යන ගොවිපළවල අයිතිය දීර්ඝකාලීන බදු පදනම මත එම මණ්ඩලයට පැවරීම
- ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහා ගොවීන් හා ව්‍යවසායකයන් වෙත ගුණාත්මකභාවයෙන් යුත් සහාය සේවාවන් සැපයීම පිණිස ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් දිවයින පුරා රජයේ ඉඩම්වල ගොවිපළවල් 13ක් පවත්වා ගෙන යනු ලබයි. එහෙත්, මේ දක්වා එම ඉඩම්වල අයිතිය හෝ බදු අයිතිය එම මණ්ඩලය වෙත පැවරී නොමැති අතර, එම ඉඩම් රජය සතුව පවතියි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළවල් වඩාත් ඵලදායී ලෙස දියුණු කිරීමට හා පුළුල් කිරීම පිණිස අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි එකී ගොවිපළවල් පවත්වා ගෙන යනු ලබන ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත පැවරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා සහ ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.