• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018 ක්‍රියාත්මක කිරීම
- අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018 ක්‍රියාත්මක කිරීම පිණිස 2015‑10‑14 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එම වැඩසටහනේ යෝජිත පරිදි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, අතිරේක ආහාර භෝග දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම මඟින් ආනයනය අවම කිරීම හා එතුළින් විදේශ විනිමය ඉතිරි කරගැනීම අරමුණු කරගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ජාතික වැඩසටහනක් සම්පාදනය කරනු ලැබ ඇත. රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම පිණිස මෙම ජාතික වැඩසටහන යටතේ භෝග නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 14 ක් හඳුනාගෙන ඊට අදාළව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වශයෙන් ප්‍රධාන අංශ දෙකක් හඳුනා ගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ඒ අනුව, ඉහත වැඩසටහන 2016 - 2018 කාලය තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.