• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 59 දරන ධීවර (විදේශීය ධීවර බෝට්‍ටු විධිමත් කිරීමේ) පනත සං‍ශෝධනය කිරීම
- ශ්‍රී ලංකා ජල තීරයේ විදේශීය ධීවර බෝට්ටු මඟින් මසුන් ඇල්ලීම හා ඊට අදාළ කටයුතු නියාමනය කිරීම, පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම පිණිස අවශ්‍ය විධිවිධාන 1979 අංක 59 දරන ධීවර (විදේශීය ධීවර බෝට්‍ටු විධිමත් කිරීමේ) පනත මඟින් සලසයි. නමුත් පසුගිය දශක තුනක පමණ කාලය තුළ මෙම ක්ෂේත්‍රයට අදාළව ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් සිදුවූ සැලකිය යුතු වෙනස්කම් හේතුවෙන් පවතින විධිවිධාන සංශෝධනය කර නව පනතක් හඳුන්වා දීම අවශ්‍යව ඇත. ඒ අනුව, 1979 අංක 59 දරන ධීවර (විදේශීය ධීවර බෝට්‍ටු විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.