• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය
- ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල ජනතාවට ප්‍රතිලාභ සලසමින් ඇමරිකානු ඩොලර් මිලියන 229.5ක සහ රුපියල් මිලියන 3,910ක මුළු පිරිවැයකින් ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සහ ඒ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගැනීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.