• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි තෙවන අදියර ක්‍රියාත්මක කිරීම
- ආසියානු සංවර්ධන බැංකුවේ බහු අදියර මූල්‍ය පහසුකම් යටතේ සහ රජයේ අරමුදල් මඟින් මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ වැඩසටහන අදියර තුනක් (03) යටතේ ක්‍රියාත්මක වේ. එමඟින් මහ කොළඹ නගරයේ ජල සැපයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂිතය. එහි තෙවන අදියරෙහි මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 168.46ක් වන අතර එම ආයෝජනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40.46 ක දායකත්වයක් ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබයි. ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 128ක ඉතිරි මුදල ආසියානු සංවර්ධන බැංකුව වෙතින් සහන ණය ලෙස ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.