• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාහිර ප්‍රදේශය සඳහා වන මහානගර මහා සැලැස්ම (Western Region Megapolis Master Plan) පිළියෙල කිරීම
- බස්නාහිර පළාතේ මහානගර මහා සැලැස්ම පිළියෙල කිරීම සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීම, මූලික සැලසුම් පිළියෙල කිරීම සහ නීති සැකසීම වැනි මූලික කා‍ර්යයන් බොහෝමයක් මේ වන විට අවසන් කර ඇති අතර, ව්‍යාපෘතියේ කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය උපදේශකත්වය සපයන දේශීය හා විදේශීය විශේෂඥයින්ගේ සේවය තවත් මාස හතර (04)ක කාලයකට ලබාගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.