• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - සබරගමුව පළාතේ සිවිල් වැඩ කොන්ත්‍රාත් පැකේජ හතරක් සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- ජාතික මාර්ග, පළාත් මාර්ග, අතුරු මාර්ග සහ පෝෂක මාර්ග ඇතුළුව ප්‍රාදේශීය සභා මාර්ග පුනරුත්ථාපනය කිරීම මඟින් තෝරාගත් ග්‍රාමීය කේන්ද්‍රස්ථාන අතර සබඳතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන යටතේ රුපියල් මිලියන 1,972 ක වියදමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර 75 ක් සහ රුපියල් මිලියන 6,425 ක වියදමින් රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර 255 ක් ප්‍රතිසංස්කරණය සහ වැඩිදියුණු කිරීම පිණිස වන කොන්ත්‍රාත්තු හතරක් (04) අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.