• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තාක්ෂණ විෂයට අදාළ උපාධි පාඨමාලා සඳහා විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ ප්‍රථම වරට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍යශිෂ්‍යාවන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන ප්‍රථම කණ්ඩායම වශයෙන් ශිෂ්‍යශිෂ්‍යාවන් 1,800 දෙනෙකු 2016 වර්ෂයේදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට නියමිත අත, ඒ සඳහා අවශ්‍ය පහසුකම් විශ්වවිද්‍යාලවල ඇති කළ යුතුව ඇත. ඒ සඳහා රජරට, කොළඹ, වයඹ, රුහුණ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා සහ අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.