• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති වැඩසටහන් කළමනාකරණය, සැලසුම් කිරීම හා අධීක්ෂණය පිළිබඳ උපදේශක කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන අරමුදල් මත ක්‍රියාත්මක කරනු ලබන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ උතුරු පළාතේ සහ නැ‍ඟෙනහිර පළාතේ ජල හිඟය මඟහැරවීම පිණිස පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

(i) කිලෝමීටර 65 ක් දිග ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මඟින් මහවැලි ග‍ඟේ ජලය කළුගඟ සහ මොරගහකන්ද ජලාශයේ සිට අලුතින් ඉදි කරනු ලබන උතුරු මැද පළාත් ඇළ ව්‍යාපෘතිය මඟින් බෙදාහැරිම.

(ii) අලුතින් ඉදි කරනු ලබන වයඹ පළාතේ ඇළ ව්‍යාපෘතිය මඟින් දඹුලු ඔයේ සහ නාලන්දා ජලාශයේ අතිරික්ත මහවැලි ජලය හක්වටුනා ඔය ද්‍රෝණියට සහ ඉහළ මී ඔය ද්‍රෝණියට යොමු කිරීම මඟින් වයඹ පළාතේ ජලය හිඟ ප්‍රදේශවලට ජලය ලබා දීම.

(iii) මහවැලි ගඟ හරහා මිණිපේ පිහිටි අමුණේ උස වැඩි කර කිලෝමීටර 74ක් දිග මිණිපේ වම්ඉවුර ප්‍රධාන ඇළ ප්‍රතිසංස්කරණය කිරීම.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවේ නිර්දේශය පරිදි මෙම ව්‍යාපෘතිවලට අදාළ වැඩසටහන් කළමනාකරණය, සැලසුම් කිරීම හා අධීක්ෂණය සඳහා වූ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.