• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින උග්‍ර පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් අන්දරගස්යාය භූගත ජල ටැංකියේ සිට ගොන්නොරුව දක්වා ජල නළ පද්ධතිය එළීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරිය, කෑලියපුර, කැටැන්වැව, ගොන්නොරුව, අන්දරවැව, කුඩා ඉඳිවැව හා හැඬිල්ල යන ප්‍රදේශවල පවුල් 3,000කට පමණ අයත් 12,000ක් පමණ වන පිරිසක් ප්‍රදේශයේ පවතින උග්‍ර ජල හිඟය හේතුවෙන් දිගු කලක් තිස්සේ විවිධ ආර්ථික, සෞඛ්‍ය හා සාමාජයීය ගැටලුවලට මුහුණ දෙමින් සිටිති. මීට තිරසර විසඳුමක් වශයෙන් රුහුණුපුර ජල ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද අන්දරගස්යාය භූගත ජල ටැංකියේ සිට ජලය බෙදා හැරීම සඳහා ජල පද්ධතියක් ඉදි කිරීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 465ක වියදමින් ජල සම්බන්ධතා 250ක් ලබා දීම පිණිස මේ වන විට කටයුතු කෙරෙමින් පවතී. එකී පළමු අදියරෙන් ජල පහසුකම් නොලැබෙන ඊට ආසන්නව පිහිටි ප්‍රදේශවල පවතින උග්‍ර ජල හිඟයට විසඳුමක් ලෙස රුපියල් මිලියන 214.93 ක වියදමින් අන්දරගස්යාය භූගත ජල ටැංකියේ සිට තවත් ජල සම්බන්ධතා 2,818 කින් යුත් නව ජලනළ පද්ධතියක් ඉදි කිරීම මඟින් පුද්ගලයන් 11,272 ක් සඳහා ජල පහසුකම් ලබා දීමට හැකි වන පරිදි එම ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.