• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊජිප්තුවේ කෘෂිකර්ම හා ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අතර කෘෂිකර්මය හා ඊට අදාළ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුම
- ඊජිප්තුව ශුෂ්ක හා අතිශුෂ්ක දේශගුණික කලාපවලින් යුත්, වගා කළ හැකි බිම් ප්‍රමාණය ඉතා අඩු රාජ්‍යයක් වන නමුදු, කෘෂිකාර්මික ක්ෂේත්‍රය එරට ප්‍රමුඛ අංශයක් බවට පත්ව ඇත. එබැවින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේදී ඔවුන් විසින් භාවිත කරනු ලබන නව තාක්ෂණය හා දැනුම අප රටේ වියළි ප්‍රදේශවල කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ගැළපෙන අයුරින් යොදාගැනීමේ හැකියාවක් ඇත. ඒ අනුව, භෝග නිෂ්පාදනය, ආහාර සැකසීම, ප්‍රචාරණය, කෘෂි නිෂ්පාදන අළෙවිය, කෘෂිකාර්මික කටයුතු සඳහා යන්ත්‍රෝපකරණ භාවිතය යන ක්ෂේත්‍රයන්ට අදාළව තොරතුරු හා අත්දැකීම් හුවමාරු කරගැනීම පිණිස ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊජිප්තුවේ කෘෂිකර්ම හා ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.