• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති
- සෑම පුරවැසියකුටම ඔවුන්ගේ වියදම් දැරීමේ හැකියාව නොසලකා නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබා දීම තුළින් ශක්තිමත් සංවර්ධිත මහජන සෞඛ්‍ය සේවා පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීමට රජය විසින් කටයුතු කර ඇත. රෝග නිවාරණ සේවාවන් 100% ක්ද, රෝහල්ගත ප්‍රතිකාරක සේවාවන්ගෙන් 90% - 95% ක් පමණද, බාහිර රෝගී ප්‍රතිකාරක සේවාවන්ගෙන් 50% පමණද සපයනු ලබන්නේ මහජන මුදලින් නඩත්තු කෙරෙන රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා ආයතන මඟිනි. සෞඛ්‍ය අංශය වැඩිදියුණු කිරීමට නව රජය විසින් ඉහළ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවක් දී ඇති අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් 2015 වර්ෂය සඳහා වෙන් කර ඇති දළ දේශීය නිෂ්පාදනයෙන් 1.8%ක පමණ ප්‍රතිපාදනවලට සාපේක්ෂව 2016 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 3%ක පමණ ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය. ඒ අනුව, 2016/2018 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ප්‍රතිකාරක සේවා, රෝහල් ආධාරක සේවා, විශේෂඥ වෛද්‍ය සේවා, මානව සම්පත් සංවර්ධනය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.