• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික පර්යේෂණ සභාව ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ස්ථාපනය කිරීම
- රට තුළ ක්‍රියාශීලි, දේශීය, විද්‍යාත්මක සහ තාක්ෂණික ප්‍රජාවක් බිහි කිරීම පිණිස විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ සැලසුම් කිරීම, සම්බන්ධීකරණය සහ ඒ සඳහා පහසුකම් සැලසීමේ කාර්යයභාරය ඉටු කිරීම ජාතික පර්යේෂණ සභාවෙන් අපේක්ෂා කෙරේ. 2007 වර්ෂයේදී මෙම ආයතනය පිහිටවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු පනතක් මඟින් නොව එවකට සිටි ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවරී ඇති බලතල යටතේ නිකුත් කළ නියෝගයක් මාර්ගයෙනි. එම ආයතනයේ කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යාම පිණිස පාර්ලිමේන්තු පනතක් මඟින් ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ජාතික පර්යේෂණ සභාව ස්ථාපිත කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.