• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇඹිලිපිටිය ඩිපෝව පිහිටුවා ඇති ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම් කොටස් දෙක (02) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පවරා ගැනීම
- ඇඹිලිපිටිය ඩිපෝව 1975 වසරේදී ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමක පිහිටුවා ඇති අතර, එම ඉඩම 1981 වසරේදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතට පත් වී ඇත. අදාළ ඉඩමේ අයිතිය මෙතෙක් විධිමත් පරිදි නීත්‍යනුකූලව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පැවරී නොමැත. එම ඩිපෝව පිහිටුවා ඇති ඉඩම් කොටස් දෙක (02) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට පවරා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.