• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
- නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය අධ්‍යයනාංශ 06කින් යුක්තව 2004 වර්ෂයේදී පිහිටුවන ලද අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි එම පීඨයෙහි සිසුහු 425 දෙනෙක් පමණ වෛද්‍යවේදී, ශල්‍ය වෛද්‍යවේදී හා හෙද විද්‍යාවේදී උපාධි සඳහා අධ්‍යයන කටයුතුවල නිරත වෙති. මෙම පීඨය, වී අලෙවි මණ්ඩලයෙන් ලබාගත් තාවකාලික ගොඩනැඟිල්ලක දැනට පවත්වා ගෙන යනු ලබයි. මෙම පීඨය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් ඇස්තමේන්තු පිළියෙල කර ඇති අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.3 (රුපියල් මිලියන 6,617.5) ක් අවශ්‍ය වේ. මෙම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන ‍34ක් අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) විසින් සහන ණය මුදලක් වශයෙන් ලබා දීමට එකඟ වී ඇති අතර, ඒ සඳහා වන අදාළ ගිවිසුමට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.