• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන
- ජනවාර්ගිකත්වය සහ ආගම පදනම් කරගනිමින් භේද ඇති කර මහජනයා ප්‍රකෝප කරවීම හා දැඩි ආගමික මතවාද මත පදනම් වූ ද්වේශසහගත වචන භාවිතය සහ ඒ ආශ්‍රිත මුද්‍රිත පත්‍රිකා ආදිය පසුගිය කාලය තුළ ජනවර්ග හා ආගමික කොටස් අතර අසමඟිය ඇති කිරීමට හේතු විය. එකී චර්යාවන් පාලනය කිරීම පිණිස නීති පැනවිය යුතු බවටත්, එකී නීති දැඩිලෙස බලගැන්විය යුතු බවටත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම(LLRC) නිර්දේශ කර ඇත. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයට යෝග්‍ය සංශෝධන සිදු කිරීම පිණිස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.