• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 අංක 1 දරන විසර්ජන (සංශෝධන) පනතින් සංශෝධනය වූ 2014 අංක 41 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම
- 2015 පෙබරවාරි මාසයේ සම්මත වූ අයවැය ඇස්තමේන්තුවල ප්‍රතිපාදන වෙන් කර තිබෙන්නේ එවකට තිබූ අමාත්‍යාංශ යටතේය. එබැවින් 2015 අගෝස්තු 17 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ස්ථාපිත කරන ලද අමාත්‍යාංශ හා එකී අමාත්‍යාංශ යටතේ වන දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතනවලට අවශ්‍ය ප්‍රතිපාදන නැවත වෙන් කරදීම සඳහා 2015 අංක 1 දරන විසර්ජන (සංශෝධන) පනත සංශෝධනය කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.