• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන සේවාවන් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා අතිරේක අරමුදල් ලබාගැනීම
- ලෝක බැංකුව විසින් සපයනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් සහ ඕස්ට්‍රේලියානු මූල්‍ය කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 20.3 ක වියදමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන සේවාවන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය 2010 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිය උතුරු නැගෙනහිර මෙන්ම යාබද පළාත්වලටද දීර්ඝ කිරීම පිණිස තවත් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක අරමුදල් ලෝක බැංකුව වෙතින් ලබාගැනීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.