• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 අයවැය සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන සංශෝධනය කිරීම
- පසුගිය අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී අනුමත කරන ලද 2016 අයවැය සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමාගේ යෝජනාවක් අනුව පහත සඳහන් අයුරින් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

* 2016 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම (පළමුවර කියවීම) – 2015-10-23

* අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම) – 2015-11-20

* දෙවන වර කියවීමේ විවාදය සඳහා 2015-11-21 දින සිට දින 12 ක් වෙන් කර ඇත.

* දෙවන වර කියවීමේ ඡන්දය විමසීම 2015-12-05

* කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා 2015-12-07 දින සිට දින 12 ක් වෙන් කර ඇත.

* තෙවන වර කියවීමේ ඡන්දය විමසීම 2015-12-19