• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිබිදෙන පොළොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘති
- අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘පිබිදෙන පොළොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතියේ’ ව්‍යාපෘති කළමනාකාරිත්ව ආයතනය වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය පත් කිරීමටත්, එම ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ ශීල්පි උපදේශක කාර්යය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය පත් කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.