• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික රෝහලේ අපස්මාර රෝගී ඒකකය සඳහා වෛද්‍ය උපකරණ සැපයීම සහ ස්ථාපනය කිරීම
- ශ්‍රී ලංකා ජාතික රෝහලේ අපස්මාර රෝගී ඒකකයෙන් දිනපතා සායන සේවාවන් හා රෝගී සත්කාරක සේවාවන් ලබා ගැනීමට පැමිණෙන රෝගීන් උදෙසා උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදීම පිණිස අවශ්‍ය වෛද්‍ය උපකරණ සපයා ගැනීම ප්‍ර‍මුඛ කාර්යයක් ලෙස සලකා අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම හා ස්ථාපනය කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍ර‍ම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.