• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය හියුමන් ඉමියුනෝ‍ගොබියුලින් ග්රෑම් 5-6 වයල්ස් 24,000 ක් මිලදී ගැනීම
- ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීම මත ඉදිරිපත් වූ ලංසුකරුවන් අතුරින් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති ලංසුකරු වෙතින් ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය හියුමන් ඉමියුනෝ‍ගොබියුලින් ග්රෑම් 5-6 වයල්ස් 24,000 ක් මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.