• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැටුම් පැවති කාල සීමාව තුළ හා ඉන් පසුව ත්‍රස්වාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධානාගාර ගත කළ තැනැත්තන් පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම
- යුද ගැටුම් අවසානයේදී රජයට භාර වූ හා අත් අඩංගුවට ගන්නා ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 12,000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරින් ත්‍ර‍ස්තවාදී චෝදනා සහිත තැනැත්තන් ඉතා සුළු පිරිසක් හැර අනෙක් සියලුම දෙනා මේ වන විට පුනරුත්ථාපනය කර නැවත සමාජගත කරනු ලැබ ඇත. තවදුරටත් රඳවා තබා ගනු ලැබ සිටිනුයේ අධිකරණය මඟින් වරදකරුවන් කරනු ලැබ බන්ධනාගාරගත කර ඇති තැනැත්තන්, දැනටමත් චෝදනාපත්‍ර භාර දී ඇති හා අර්ධ වශයෙන් පරීක්‍ෂණ පවත්වා ඇති හෝ පරීක්ෂණ තවමත් අවසන් නොවූ පුද්ගලයින් සහ චෝදනා පත්‍රයක් භාර දී නොමැති එහෙත් සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පුද්ගලයින් පමණි. පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා වන නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අධිකරණ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින ලදී.