• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට 60 වසරක් පිරීම නිමිත්තෙන් ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීම
- ශ්‍රී ලංකාව හා තායිලන්තය ආගමික, සංස්කෘතික හා වාණිජමය යන ක්ෂේත්‍රයන් ඔස්සේ සියවස් කිහිපයක සිට සබඳතා පවත්වාගෙන යයි. දෙරට අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ෂ 1955 දී ආරම්භ වී ඇති අතර 2015 නොවැම්බර් මස 20 දින වන විට ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 60 ක් සම්පූර්ණ වේ. මෙම කරුණ නිමිති කරගෙන බුද්ධශාසන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව ආගමික සමරු වැඩසටහන් මාලාවක් පැවැත්වීම පිණිස බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.