• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවාව වැඩිදියුණු කිරීම - 2015
- දිවයින පුරා පැතිරී ඇති වෛද්‍ය ආයතන 1000කට වැඩි ප්‍රමාණයක් මඟින් රජයේ වෛද්‍ය ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක වෙමින් පවතියි. රෝගීන් සඳහා මූලික හදිසි ප්‍රතිකාර සේවාවන් ලබා දීම 1988 දී ආරම්භ කරන ලද අතර එහි වඩාත් දියුණු සත්කාර සේවාවේ ආකෘතියක් වන ප්‍රාථමික සත්කාර ඒකක පිහිටුවීම 1998 දී ආරම්භ කරන ලදී. වාර්ෂිකව රජයේ රෝහල්වලට ඇතුළත් කෙරෙන මිලියන හයක් (06) පමණ වන රෝගීන්ගෙන් 80% ක්ම හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වේ. තවද මාර්ග අනතුරු හේතුවෙන් රෝහල් ගත වන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වී තිබේ. මේ ආකාරයෙන් හදිසි ප්‍රතිකාර අවශ්‍යතාවන්ද විශේෂයෙන් වැඩිහිටි ජනගහනය වැඩි වීම හේතුවෙන් ද බොහෝ සේ වැඩි වී ඇත. ඉහත කරුණු සලකා ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් මධ්‍යම රජය යටතේ පාලනය වන දිවයින පුරා පිහිටි තෝරාගත් රෝහල් 28 ක නිසි ප්‍රමිතියකින් යුත් හදිසි ප්‍රතිකාර සේවාවන් සඳහා අවශ්‍ය ගොඩනැගිලි, උපකරණ සහ පුහුණු කාර්ය මණ්ඩලය සහිතව අවශ්‍ය යටිතල පහසුකම් වසර 06 ක් තුළ සැපයීමටත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 9,525 ක් ප්‍රතිපාදන සලසා ගැනීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.