• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සුරක්ෂිත දිනය සැමරීම - 2015
- 2006 වසරේ සිට අඛණ්ඩව වසර නවයක් (09) තිස්සේ ජාතික සුරක්ෂිත දිනය සෑම වසරකම දෙසැම්බර් 26 දින සැමරීම සිදු කර ඇති අතර 2015 වර්ෂයේ ජාතික සුරක්ෂිත දිනය ‘සුරක්ෂිත ශ්‍රී ලංකාවක්’ යන ප්‍රධාන තේමාව යටතේ ‘එක් වෙමු, දුරලන්න ආපදා’ යන උපතේමාව යටතේ ‍පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි. එහෙත් එම ශ්‍රවණාගාරයේ වැඩ කටයුතු අපේක්ෂිත පරිදි අවසන් වී නොමැති බැවින් 2015 වර්ෂයේ ජාතික සුරක්ෂිත දිනය පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.