• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ නගරයට නැගෙනහිරින් පිහිටි නගර සඳහා ජල සම්පාදන ව්‍යාපෘතිය (II වන පැකේ‍ජය) ක්‍රියාත්මක කිරීම සඳහා භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් අරමුදල් සැලසීම
- දේශීය බැංකු ණය මුදල් උපයෝගි කරගනිමින් රුපියල් බිලියන 39.19 ක වියදමින් ජල සම්පාදන ව්‍යාපෘති 34 ක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. එකී ව්‍යාපෘති අතුරින් එක් ව්‍යාපෘතියක් වන කොළඹ නගරයට නැ‍ඟෙනහිරින් පිහිටි නගර සඳහා ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය රුපියල් මිලියන 1,159 ක මුදල ලබාගැනීම සඳහා ලංකා බැංකුව වෙත භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.