• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි තෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර
- ජාතික මාර්ග, පළාත් මාර්ග, අතුරු මාර්ග සහ පෝෂක මාර්ග ඇතුළුව ප්‍රාදේශීය සභා මාර්ග පුනරුත්ථාපනය කිරීම මඟින් තෝරාගත් ග්‍රාමීය කේන්ද්‍රස්ථාන අතර සබඳතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3108 ක් සහ ජාතික මාර්ග කිලෝ මීටර් 248 ක් පුනරුත්ථාපනය කරනු ලබන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 906 ක් වැය කිරීමට ඇස්තමේන්තු කර ඇත. එම මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන අරමුදල්වලින් සපුරා ගන්නා අතර ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 106 ශ්‍රී ලංකා රජය විසින් දරනු ඇත. මෙම ව්‍යාපෘතිය අදියර වශයෙන් දකුණු පළාත, සබරගමුව පළාත සහ කළුතර දිස්ත්‍රික්කය, මධ්‍යම පළාත, උතුරු මැද පළාත හා වයඹ පළාත තුළ ක්‍රියාත්මක කෙරේ. මෙම ව්‍යාපෘතියේ තෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 200 ක අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම පිණිස අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.