• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීම
- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මිල මට්ටමේ සිදු වන වෙනස්වීම් සහ උද්ධමන අනුපාතය ගණනය කිරීම පිණිස කොළඹ පාරිභෝගික මිල දර්ශකය පිළියෙල කරනු ලබයි. එම දර්ශකය මඟින් කොළඹ නාගරික සීමාව තුළ සිදුවන මිල වෙනස්කම් පිළිඹිඹු වන නමුත් ජාතික වශයෙන් මිල මට්ටමේ සිදු වන වෙනස්වීම් නියෝජනය නොවේ. එබැවින් කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අමතරව ජාතික පාරිභෝගික මිල දර්ශකයක් හඳුන්වා දීමටත්, ඒ සඳහා 2013 වර්ෂය පදනම් වර්ෂය ලෙස සැලකීමටත්, 2015 නොවැම්බර් මස 21 වන දිනෙන් ආරම්භව සෑම මාසයකම 21 වන දිනයේදී යෝජිත ජාතික පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.