• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු රජයේ ආධාර මත ශ්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාවක් ස්ථාපිත කිරීම
- ඉන්දියාවේ දැනට ක්‍රියාත්මක කරනු ලබන ආකාරයේ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිණිස 2015‑06‑24 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙන ලදී. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින්, ක්‍රියාත්මක කිරීම පිණිස‍ ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක ප්‍රදානයක් ලබා දීමට ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය රජය විසින් එකඟතාව පළ කොට ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ඉන්දියාවේ M/s GVK Emergency Management and Research Institute ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත්, ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටුවක් පත් කිරීමටත්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.