• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිගන, වික්ටෝරියා/කොත්මලේ ව්‍යාපෘතියේ විකල්ප වාණිජ ඉඩම් සඳහා දීමනා පත්‍ර ලබාදීම
- මහවැලි ව්‍යාපාරය යටතේ වූ වික්ටෝරියා ජලාශ ව්‍යාපෘතිය, කොත්මලේ ජලාශ ව්‍යාපෘතිය සහ පොල්ගොල්ල ජලාශ ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු හේතුවෙන් ව්‍යාපාර අහිමි වූවන්ට නව සංවර්ධන ප්‍රදේශවල එනම් කරල්ලියද්ද, රජවැල්ල, කුණ්ඩසාලේ නව නගරය, හාරගම, ගුරුදෙණිය, කොළොන්ගස්වත්ත, අඹකොටේ/අලුත්වත්ත, කොත්මලේ නව නගරය සහ කටුගස්තොට නවනගරය තුළ විකල්ප වාණිජ ගොඩනැගිලි සහිත ඉඩම් හා විකල්ප වාණිජ ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දී ඇති අතර මේ වන විට එම බදු කාල සීමාවන් අවසන් වී ඇත. එකී ව්‍යාපාර වඩාත් ස්ථාවර පදනමකින් පවත්වාගෙන යාමට හැකි වන ලෙස එම දේපළ භුක්තිවිඳින නීත්‍යනුකූල හිමිකරුවන් සියලු දෙනාට බදු පදනම මත අදාළ ඉඩම් ලබා දෙනු වෙනුවට එකී ඉඩම් තක්සේරු වටිනාකම අය කර දීමනා පත්‍ර ලබා දීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.