• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් අත්පත් කර ගන්නා ලද ප්‍රදේශවල පිහිටි පූජනීය ස්ථාන නැවත පදිංචි කිරීම් සිදුකරන ප්‍රදේශවල ඉදි කිරීම වෙනුවෙන් රජයේ අනුග්‍රහය ලබා දීම
- මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාවුල, ලග්ගල-පල්ලෙගම, මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර ඒ හේතුවෙන් එකී ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන 12 ක් නැවත පදිංචි කිරීම් ප්‍රදේශවල අලුතින් ඉදි කිරීමට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, එක් විහාරස්ථානයක් සඳහා චෛත්‍ය, බෝධි මළුව, විහාර ගෙය, දාන ශාලාව සහ සංඝාවාසය ඉදි කිරීම සඳහා රුපියල් 200,000/- ලබා දීමට ගෙන තිබූ තීරණය සංශෝධනය කර එක් විහාරස්ථානයක් සඳහා රුපියල් 1,500,000/- බැඟින් විහාරස්ථාන 12 සඳහා රුපියල් මිලියන 18 ක ද්‍රව්‍යමය ආධාර මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලබා දීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.