• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ ආයතන, දකුණු ආසියානු සහයෝගීතා පාරිසරික වැඩසටහන (SACEP) සහ අනිකුත් බහු පාර්ශවීය පරිසර සම්මුති, සන්ධාන සහ එකඟතාවන් වෙත දායකත්ව මුදල් ගෙවීම
- ශ්‍රී ලංකාව පරිසර සංරක්ෂණයට ඇති කැප වීම ප්‍රතිමූර්තිමත් කරමින් විවිධ සහයෝගිතා වැඩසටහන් හා අනෙකුත් බහුපාර්ශ්වීය පරිසර සම්මුති සඳහා එකඟතාවන්ට එළඹ ඇත. මෙම එකඟතාවන්ට අනුව පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය, විෂයානුබද්ධ ධාරිතා වර්ධනය, පරිසර සංරක්ෂණය සඳහා ප්‍රදානයන් ලෙස ලැබෙන අන්තර්ජාතික තාක්ෂණික හා මූල්‍ය සහයෝගිතාව සහ නිලධාරි පුහුණුව වැනි ප්‍රතිලාභ අප රටට ලබාගැනීමට හැකි වී තිබේ. මෙම එකඟතාවන් අනුව ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව ගෙවිය යුතු දායක මුදල් ගෙවීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරගැනීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.