• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි මැදපෙරදිග කලාපීය විදේශීය හමුදා නිලධාරින්/සෙසු නිලයන් සඳහා පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබාදීම
- ආරක්ෂක අමාත්‍යාංශය මඟින් පරිපාලනය වන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ පූර්ණ සාමාජිකත්වය සහිත විශ්වවිද්‍යාලයකි. මෙමඟින් අප්‍රිකානු සහ ආසියානු කලාපයන්හි රටවල් සමඟ ඇති මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇති කර ගෙන ඇති සහයෝගිතාව වැඩිදියුණු කරගැනීම පිණිස විදේශීය නිලධාරින්/ශිෂ්‍යභට නිලධාරින් සහ සිසු සිසුවියන් සඳහා උපාධි පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව සලසා දී ඇත. මේ අනුව දැනට භූතානය, නේපාලය, බංග්ලාදේශය, චීනය, රුවන්ඩාව, නයිජීරියාව සහ සැම්බියාව යන රටවල නිලධාරින්, කෙඩෙට් නිලධාරින් හා සිසු සිසුවියන් මෙහි අධ්‍යයන කටයුතුවල නිරතව සිටි. මෙම විශ්වවිද්‍යාලය යටතේ අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින තරගකාරිත්වය, ඉල්ලුම හා ආකර්ෂණය මත රාජකීය ඕමාන් නාවික හමුදාවේ තාක්ෂණික ශිල්පීන් කණ්ඩායමක් සඳහා පුහුණුව ලබා දෙන ලෙසට කරනු ලැබ ඇති ඉල්ලීමක් අනුව එම කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාවේද සහාය ඇතිව පුහුණු කිරීමටත්, මැදපෙරදිග අප්‍රිකානු හා අනෙකුත් කලාපීය රාජ්‍යයන් සමඟ පවත්නා මිත්‍රත්වය හා සහයෝගිතාව වැඩිදියුණු කරගැනීමේ අරමුණු ඇතිව ඉදිරියේදී එම රටවල සිසුන් සඳහා විශේෂ පාඨමාලා පැවැත්වීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.