• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - මධ්‍යම පළාතේ සිවිල් වැඩ කොන්ත්‍රාත් පැකේජ නවයක් (9) සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන මඟින් මධ්‍යම පළාත් මාර්ග පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් සකස් කර ඇත. ඒ සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 222ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 181ක්, හා මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කි‍‍ලෝ මීටර් 195ක් පුනරුත්ථාපනය සඳහා වන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.