• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ භාවිතයෙන් ඉවත් කරන ලද අබලි ට්‍රාන්ස්ෆෝමර්, වානේ සහ අනෙකුත් අබලි යකඩ ඉවත් කිරීම
‍- ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි (පෞද්ගලික) සමාගම විසින් භාවිතයෙන් පසු ඉවත් කරනු ලබන සියලුම අබලි ට්‍රාන්ස්ෆෝමර්, වානේ සහ අනෙකුත් යකඩ සුන්බුන් කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්ට අමුද්‍රව්‍ය ලෙස සපයා දීම සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට ලබාදිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත. එසේ අබලි ට්‍රාන්ස්ෆෝමර් කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත ලබාදුන් පසුවද තවත් 3000ක් පමණ වන භාවිතයෙන් ඉවත් කළ ට්‍රාන්ස්ෆෝමර් සහ අනෙකුත් අබලි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගබඩා තුළ ගොඩගැසි ඇත. මේ නිසා ගබඩා පහසුකම් ඇහිරීයාම, ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම, දිරාපත් වීම නිසා වටිනාකම අඩුවීම, පරිසර දූෂණකාරක පරිසරයට කාන්දුවීම ආදී බරපතල ගැටලු උද්ගත වී තිබේ. මේ නිසා කාර්මික සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය කරන ට්‍රාන්ස්ෆෝමර් සහ අනෙකුත් අබලි ද්‍රව්‍ය ප්‍රමාණය හැර ඉතිරි ට්‍රාන්ස්ෆෝමර් සහ අනෙකුත් අබලි ද්‍රව්‍ය රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව දේශීය තරඟකාරී මිල ගණන් කැඳවා කඩිනමින් විකිණීම පිණිස ලංකා විදුලිබල මණ්ඩලයට හා ලංකා විදුලි පෞද්ගලික සමාගමට බලය පැවරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.