• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සම්බන්ධ නීති කඩ කරන්නන් සඳහා දඞුවම් වැඩි කිරීම
- අන්තර්ජාතික ධීවර නීතිරීතීවලට අනුකූලව ශ්‍රී ලාංකික ධීවරයින් කටයුතු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන සඳහා අපනයන තහනමක් යුරෝපා සංගමය විසින් 2015 ජනවාරි මස සිට පනවන ලද අතර එම තහනම ඉවත් කරවා ගැනීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර එකී සැලැස්ම මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. අන්තර්ජාතික මුහුදේ ධීවර කටයුතුවලදී සිදුකරනු ලබන වැරදි සඳහා දැනට ලබාදෙන දඩුවම් අන්තර්ජාතික සම්මුතිවලට අනුකූල වනසේ ගැළපීමටත්, වරද සිදුවන අවස්ථාවේදී අල්ලා ඇති මසුන් ප්‍රමාණය සහ යාත්‍රාවල දිග ප්‍රමාණ පදනම් කර ගනිමින් දඩුවම් තීරණය කිරීමටත්, මත්ස්‍ය නිෂ්පාදන ආනයන, අපනයන කටයුතු වලට අදාළ වැරදි සඳහා වන දඩුවම් අදාළ මසුන් ප්‍රමාණයේ වටිනාකම මෙන් පස්ගුණයක් වන සේ වැඩි කිරීමටත්, දැනට ධීවර පනතේ විධිවිධාන පනවා නොමැති පරිපාලනමය දඩුවම් ලබා දීමේ ක්‍රමවේදය හඳුන්වා දීමටත්, එමඟින් ශ්‍රී ලංකාව තුළ වඩා වගකීමකින් යුතු හා පරිසර හිතකාමී ධීවර සංස්කෘතියක් ඇති කිරීම පිණිසත්, 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.